තිළිණි ප්‍රියමාලී අසාද් සාලිගේ අනියම් බිරිඳ ද ? මේ ගැහුවේ ගේම් එකක් ද ?

තිළිණි ප්‍රියමාලී අසාද් සාලිගේ අනියම් බිරිඳ ද ? මේ ගැහුවේ ගේම් එකක් ද ?

බිලියන ගණනාවක මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප‍්‍රියමාලි නම් කාන්තාව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ අනියම් බිරිඳක් බව හිටපු හමුදා නිලධාරියෙකු හා නිදහස් මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ YouTube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ, අසාත් සාලි දැන් වෙන අයගේ පිටට මේ වංචාව දාන්න හදන බවත් තමන්ගේ ප්‍රකාශය තහවුරු කිරීම සඳහා සාක්ෂි තමන් සතුව ඇති බව ද ඔහු එහිදී කියා සිටියා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු ඉල්ලා සිටින අතර එහිදී තමන්ගේ ප්‍රකාශයේ සත්‍යතාවය ඔප්පු කිරීමට සූදානම් බවද ඔහු පවසයි.

මේ ව්‍යාපාරයේ අද වෙද්දී තැම්පත් මුදල බිලියන 10ක්, (මිලියන 10,000)ක් මොහු මට කිව්වේ නාමල් ගත්තැයි කිව්වා ප්‍රොජෙක්ට් වලට, ශිරන්ති ගත්තැයි කව්වා ප්‍රොජෙක්ට් වලට, රාජපක්ෂලාගේ ප්‍රොජෙක්ට් වලට වියදම් කරා කියලා, නමුත් මේ මුදල් තියෙනවා, මේ මුදල් තියෙන්නේ අසාද් සාලි ළගයි, තිලිණි ළගයි මේ දෙන්නා තමයි මේ ගේම් එක ගැහුවේ.

ප්‍රශ්නය :- ඒ කියන්නේ ලංකාවේ ඇතුලේ සල්ලි තියෙනවා ?

පිළිතුර:- තියෙනවා. මේ ගැහුවේ ගේම් එකක්, ඔහු මේ කරන්නේ රගපෑමක්,

එහිදී වැඩි දුරටත් කියා සිටියේ රාජපක්ෂලාද තිළිණි ප්‍රියමාලී ට ඇන්දුන බවත්, අසාද් සාලි අවුරුදු දෙකක් පුරා තිලිණි ප්‍රියමාලීගේ ව්‍යාපාර වක්‍රා කාරව මෙහෙයවා ඇති බව ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

ඔහු අදහස් දැක්වූ YouTube නාලිකාවේ සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න,