යුක්රේනයේ හයියට තවත් දැවැන්තයින් එක්වෙයි

රුසියාව එල්ල කළ මිසයිල ප්රහාරවලින් පසු ව යුක්රේනයට සහාය දෙන බව ජී 7 කණ්ඩායමට අයත් ධනවත් රටවල නායකයින් එකඟතාව පළකර තිබේ. ඒ බව කණ්ඩායමේ නායකයින් ප්රකාශ කළා.
පෙරේදා මොවුන් රැස් වී තීරණය කර ඇත්තේ, යුක්රේනයට තවදුරටත් හමුදා සහ මානුෂීය ආධාර ලබා දීමට යි.
මේ අතර නේටෝ සංවිධානය ප්රකාශ කළේ, ඉදිරියටත් යුක්රේනය සමඟ සිටින බව යි.
රුසියාව එල්ල කළ මිසයිල ප්රහාර නිසා යුක්රේනයේ අවම වශයෙන් 19 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

