චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම කරයි

චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම කරයි

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි මස 06 වනදා වෙස්ට්මිනිස්ටර් ඇබේහී දි පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිඟාව නිවේදනය කළා.

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුත් තුන්වන චාල්ස් කුමරුට රජකම හිමි වූ අතර, ඔහුගේ රාජාභිෂේකයක් පැවැත්වූයේ නැහැ.

චාරිත්‍රානුකූලව බොහෝ සංදර්ශන මධ්‍යයේ රාජාභිෂේකය සිදු කරමින් චාල්ස් රජුගේ හිස මත ඔටුනු පැළඳවීමට නියමිතයි.

මෙවැනි රාජාභිෂේකයක් සිදුවන්නේ අවුරුදු 70කට පසුව වීම විශේෂත්වයක්.

මීට පෙර දෙවන එළිසබෙත් මහ රැජින රාජාභිෂේකය ලැබුවේ 1953 වසරේ දී යි.

https://bit.ly/3CQrn9p

COMMENTS