ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන් ආසියානු කුසලාන අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන් ආසියානු කුසලාන අවසන් සටනට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවති අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 121ක් පමණයි

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණකින් තරඟය ජයග්‍රහණය කළා.