උසාවියේ පෙනී නොසිටීමේ වරදට ඥානසාර හිමිට වරෙන්තු

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තු නිකුත් කළා.
ඒ, ඥානසාර හිමියන්ට එරෙහි ව පවරා ඇති නඩුවකට අදාළ ව අධිකරණයේ පෙනී නො සිටීම හේතුවෙන්.
මෙරට මුස්ලිම් ප්‍රජාවගේ සිත් රිදවන ආකාරයේ වෛරී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙනුයි ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වුණේ.
එම චෝදනා විභාග කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට උන් වහන්සේ අද පැමිණ සිටියේ නෑ.
ඥානසාර හිමියන් නො පැමිණීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ද විත්තිකාර පාර්ශ්වය අපොහොසත් වී ඇති අතර, ඒ හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට යි අධිකරණය තීරණ කළේ.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට බී වාර්තාවක් ද ගොනු කර තිබුණා.

