වැස්සේ අඩුවක් නෑ – නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත්

ඉදිරි පැය කිහිපයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස වැසි ඇති විය හැකියි.
මේ අතර කොළඹ, ගාල්ල, කලුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයාමේ අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වාද දීර්ඝ කර තිබෙනවා.
මේ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, පාලින්දනුවර සහ බුලත්සිංහල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ඇහැලියගොඩ ප්‍රදේශවල නායයාමේ අවදානම් ස්ථානවල සිටින ජනතාව ඉවත් විය යුතුයි.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, හොරණ, බණ්ඩාරගම, මිල්ලනිය, මතුගම සහ අගලවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, වරකාපොළ සහ රුවන්වැල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, නිවිතිගල, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල ජනතාව අවදානයෙන් පසුවිය යුතු වනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, පානදුර සහ මදුරාවල, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දැරණියගල සහ යටියන්තොට ප්‍රදේශවල අවදානම් ස්ථානවල සිටින ජනතාව නායයාම් සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියාසිටියේ.

