වරකාපොළ පස්කන්දට යටවූ මවගේ සහ පුතාගේ සිරුරු සොයා ගැනේ

වරකාපොළ ප්රදේශයේ නිවසකට ඊයේ (14) පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අතුරුදන් වූ 24 හැවිරිදි වැඩි මහල් පුතාගේ සහ මවගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්රදේශයේ පස්කන්දක් කඩාවැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදු වුණේ.
8 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ප්රදේශවාසීන්ගේ සහය ද ඇතිව ඊයේ සිට මුදාගැනීමේ කටයුතු ආරම්භ කළ අතර පවුලේ පියා ඊයේ දිනයේම බේරාගෙන රෝහල් ගත කෙරුණා.

