පිටි මිල බැස්සුවත් පාන් මිල බස්සන්න බැරිලූ

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ .ජයවර්ධන මහතා පවසයි.
රට තුළ බේකරි කර්මාන්තය සඳහා තිරිඟුපිටි සැපයීම 50% ක් ම සිදු කරනු ලබන්නේ ප්රධාන පිටි සමාගම් දෙකක් මගින් බවද ජයවර්ධන මහතා කියා සිටී.
එම තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක අනිවාර්යයෙන්ම ඔවුන්ගේ තිරිඟු පිටි මිල සහ ආනයනික වෙළඳුන් සිය තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා අඩු කළහොත් පමණක් පාන් ,බනිස් මිල අඩු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

