වෙඩි තැබීම්, පිපිරීම් හඬ අස්සේ බන්ධනාගාරයක ගින්නක්

දේශපාලන සිරකරුවන් සහ විදේශිකයන් රඳවා සිටින ඉරානයේ එවින් බන්ධනාගාරයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
එමෙන්ම බන්ධනාගාරය තුළින් වෙඩි තැබීම් සහ පිපිරීම් හඬ ද ඇසෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ තත්ත්වය පාලනය කර ඇති බවයි.
මේ අතර 22 හැවිරිදි මහ්සා අමිනි නම් තරුණියක් පොලිස් භාරයේ සිටිය දී මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ආරම්භ වූ විරෝධතා තවදුරටත් පැවැත්වෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් සිය ගණනකට අධික විරෝධතාකරුවන් ද රඳවා ඇත්තේ මෙම ගින්න හටගත් එවින් බන්ධනාගාරයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

