අඩුපාඩු සිදු වූ බව කෙහෙළිය පිළිගනී

අඩුපාඩු සිදු වූ බව කෙහෙළිය පිළිගනී

නැවත නැගිටීමට නම් අඩුපාඩු සිදු වූ බව පිළිගනිමින් ඒවා නිවැරදි කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්.

මේ අතර සමගි ජනබලවේගය අද නාවලපිටිය නගරයේදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට විරෝධය පළ කරමින්.

මෙහිදී කළහකාරී ලෙස හැසිරුණු සමගි ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

COMMENTS