රනිල්, බැසිල් දුරකථන සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (16) දුරකථයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඉදිරි මහමැතිවරණයක් පැවැත්වෙන්නේ නම් සන්ධානගත වන්නේ කෙසේද යන්න මෙහිදී මූලිකවම සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී නාම යෝජනා ලබාදීමේ දී එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයා විවේචනය කරන හෝ පක්ෂය අත හැර යන කිසිවෙකුටත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් නාම යෝජනා ලබා නොදීමටත් ,ශ්රී ලංකා පොදු ජන පෙරමුණ විවේචනය කර එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් නාමයෝජනා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින මන්ත්රීවරුන්ට එසේ නාම යෝජනා ලබා නොදීමටත් තීරණය කර තිබෙනවා.
යම් හෙයකින් ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වන්නේ නම් එකී පක්ෂවල නියෝජිතයින්ට නාම යෝජනා හිමිවන්නේ එම පක්ෂවලට ලබා දෙන කෝටාවෙන් පමණක් බව මෙහිදී තීරණයකට පැමිණ ඇති බවයි එම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

