අනුර ඡන්දයක් ඉල්ලයි

ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ දොම්පේ ආසන සමුළුවට එක්වෙමින්.
ගම තුළ පක්ෂය ශක්තිමත් කිරීම අරමුණ කර ගනිමින් ජාතික ජන බලවේගයේ දොම්පේ ආසන සමුළුව කිරිඳිවැලදී පැවැත්වුණා.
එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු පිරිසක් එක් වුණා.
අනුර කුමාර දිසානායක වැඩි දුරටත් දැක්වූ අදහස්,
“අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිත් දේශපාලන ප්‍රතිපත්තිත් හේතුකොට ගෙන රටකට විය හැකි සියල්ලම පන්නයේ විනාශයන් අපේ රටට සිද්ධ වෙලා ඉවරයි.
හැබැයි අපිට තාමත් ප්‍රශ්නයක් තියෙනවා ගම් වල, පරම්පරාවට ඡන්දෙ දෙන ජනතාවක් ඉන්නවා , මෙන්න මේ ගම්වල ඉන්න ජනතාව වෙනස් කරන්න ඕනේ.
පහුගිය අප්‍රේල් දොළොස්වෙනිදා ඉඳන් සැප්තැම්බර් මාසේ තිස් වෙනිදාවෙනකොට අපි ගෙවන් නැතුව පොලු තියලා තියනවා ඩොලර් මිලියන 2800ක්. දැන් මොකක්ද ආණ්ඩුව කරමින් ඉන්නේ, අපි ගෙවන්නෑ චණ්ඩියා වගේ, එහෙම ලෝකේ ජීවත් වෙන්න බෑ රටකට,
පහුගිය දා පාර්ලිමේන්තුවට ආපු මහ බැංකු අධිපති නන්දලාල් මහත්තයා කිව්වා ඉස්සෙල්ලා ආවේ ටිකක් මැද පාන්තික නැගිටීමක් දෙවන නැගීටිම එන්නේ පීඩිත බාවය පිළිබඳ නැගිටීමක් ලේ වැගිරීමක් වෙයි කියලා, අපි ආවේගයෙන් ප්‍රතිචාර දැක්වුවා කියලා කිසිම ප්‍රතිපලයක් ලැබෙන්නෑ, ඒකට තියෙන ප්‍රධානම වැඩේ තමයි සංවිධානාත්මවකව අරමුණු සහගතව ඉලක්ක සහගතව ජනතාව සංවිධානය කරන්න ඕනේ. හුදෙකලා සටන් වලින් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන් නෑ. දැන් ඡන්දයක් පැවැත්විය යුතුයි විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය, මැතිවරණ සිතියම අනුව මාර්තු මාසේ විස්සෙන් එහා ඡන්දය කල් දාන්න ඇත්තේම බෑ , හැබැයි සටකපට ක්‍රමයක් සොයන්න යනවා.” යනුවෙන් පැවසීය

