ඉදිරි තරඟ දෙක ගැන චාමික කියන කතාව

ඉදිරි තරඟ දෙක ගැන චාමික කියන කතාව

ඊළඟ තරඟ දෙක අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු බව ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසයි.

ඔහු මේ බව පැවසුවේ පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී හෙට (18) පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර කණ්ඩායමට පෙර අද (17) පැවති මාධ්‍ය හමුවේදීය.

චාමික මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවේය,

“ඔබ දැක්කා ඊයේ තරගය කොහොමද ගියේ කියලා. අපි ඒක පැරදුණා. ඒ නිසා අපිට හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ තරඟය හොඳට ක්‍රීඩා කළ යුතුයි. කොහොම හරි අපිට ඊළඟ මැච් දෙකම දිනන්නම වෙනවා. අපි අනිවාර්යයෙන්ම ඉදිරි තරඟ දෙකේදී සියයට 100 කට වඩා වැඩි උපරිමය ලබාදී ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.

“අපි බලන්නේ අපි සතුව ඉන්න ක්‍රීඩකයින් ගැන. මේ වන තෙක් ක්‍රීඩා කළ කණ්ඩායම් හතරම හොඳින් ක්‍රීඩා කළා. එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්තය අතර ඊයේ තිබුණු තරඟ යත් අවසන් පන්දුවේදී අවසන් වුණේ. අපි දන්නේ නෑ මොකක් වෙයිද කියලා. මෙම ක්‍රීඩාව හැම විටම ‌වෙනස්ම දේවල් වන ක්‍රීඩාකවක්. ඒ නිසා ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. අපි බලමු” යැයි චාමික සඳහන් කර සිටියේය.

“අපි තියෙන්නේ නරක දවසක් විතරයි. නැමීබියාව ඊයේ පන්දුවට පහර දීමෙන්, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම හොඳින් ක්‍රීඩා කළ බව අප පිළිගත යුතුයි. ඒ වගේම ඒ තරගයේදී අපේ අතින් සිදුවුණු සියලු අතපසුවීම් සියල්ල හෙට තරඟ යට පෙර හදාගෙන තරගයට අවතීර්ණ විය යුතුයි, ඒ නිසාම අපි හෙට තරඟ ය වැඩි අවදානයක් යොමු කරමින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනි

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය හෙට(18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1.30ට ආරම්භ වීමට නියමිතය.

එය ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය 20යි 20 ලෝක කුසලානයකදී ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර දෙරට අතර එක් පන්දුවාර 20යි 20 තරගයක් වර්ෂ 2016දී පවත්වා ඇති අතර එය ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට නැමීබියාව හමුවේ ලකුණු 55ක අනපේක්ෂිත පරාජයක් අත්විය.

ඒ හේතුවෙන් හෙට පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මත තරගයක් වේ.

COMMENTS