2022 බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට (Video)
2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකට ඊයේ (17) හැකි වුණා.
2011 වසරේ තම පළමු නවකතාව වන චයිනමන් (Chainaman) රචනා කරමින් ශෙහාන් කරුණාතිලක වැදගත් සාහිත්යික එළඹුමක් සනිටුහන් කිරීමට සමත් වුණා.
චයිනමන් කෘතිය ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙනවා.
බුකර් සම්මානයට පාත්‍ර වුණු Seven moons of Mali Almeida ඔහුගේ දෙවැනි නවකතාව යි.
එහි ඇතුළත් වන්නේ, මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියෙක් ගැන යි.
යුද්ධයේ ම්ලේච්ඡත්වය ගැන එළිදරව් වන, ඔහු ගත් ඡායාරූප කොහේ දැ යි ඔහු මිතුරන්ගෙන් විමස යි.
“එය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ මිනීමරු අඳුරු හදවත වෙත පාඨකයා රැගෙන යන බරපතළ දාර්ශනික ප්‍රේම වෘතාන්තයකි. එහි පැමිණි පසු, පාඨකයා නිරාවරණය කරගනු ලබන්නේ, මුදු මොළොක් බව සහ අලංකාරයි. ආදරය සහ පක්ෂපාතීත්වය මෙන්ම සෑම මිනිස් ජීවිතයක්ම යුක්ති සහගත කරන පරමාදර්ශයක් සොයා යෑම යි.”
යනුවෙන් තම කෘතිය ගැන සඳහන් කරමින් ඔහු කියා සිටි යි.
“වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබා දී නැති බවත් මේ මතවාද කරපින්නාගෙන අපට වැඩි දුරක් යාමට නො හැකි බවත් නුදුරේ දී ම ශ්‍රී ලංකාව වටහා ගනු ඇත”
සම්මානය බාරගත් පසු කතාවේ දී ශෙහාන් කරුණාතිලක කියා සිටියා.