පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කිසිදු සූදානමක් නැහැ – ජනපති

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේ දී යි.
එහි දී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ කාලසීමාව අවුරුදු දෙක හමාර දක්වා අඩු කර ඇති බව යි.
එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එය වසර හතරහමාර දක්වා වැඩි කළ බවත් ඒ පිළිබදව 22 වන සංශෝධනයේ කිසිදු සඳහනක් කර නො තිබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විමසා තිබෙනවා.
එම අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් එය තමන් විසින් සිදු කළ යුතු අතර දැනට ඒ සඳහා කිසිදු සූදානමක් නොමැති බව යි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

