ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයින්ට රතු එළියක්

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයින්ට රතු එළියක්

ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ඉකුත් මාස 6 තුළ ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බව ය.

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර ඊට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.