අද කොළඹට එන අන්තරේ විරෝධය ගැන ජාත්‍යන්තරය රජයෙන් කල ඉල්ලීම

අද කොළඹට එන අන්තරේ විරෝධය ගැන ජාත්‍යන්තරය රජයෙන් කල ඉල්ලීම

අද (18) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි කියන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු සී.එන් වූල් මෙරට රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් මගින් එම ඉල්ලීම කරන එක්සත් ජාතීන්ගේ සංගමයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු පවසන්නේ, එම විරෝධතාකරුවන්ට රැස්වීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසයි.

එසේ ම විරෝධතාකරුවන් ආරක්ෂා කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීමට රජය බැඳීසිටින බව සිහිපත් කරන ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, සියලු දෙනාටම තම අදහස් ප්‍රකාශ කිරීම කෙරෙහි ආරක්ෂිත සහ සක්‍රීය පරිසරයක් නිර්මාණය කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ සංගමයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරුගේ ට්විටර් පණිවිඩය පහතින්,