Rolls-Royce විදුලියට මාරු වෙයි (Video)

Rolls-Royce විදුලියට මාරු වෙයි (Video)

Rolls-Royce සිය ප්‍රථම විද්‍යුත් මෝටර් රථය ඊයේ (18) එළි දැක්වුවා.

සියවසක් පමණ පැරණි මෙම බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදකයා 2030 වන විට එහි සම්පූර්ණ නිෂ්පාදන සම්පූර්ණයෙන්ම විද්‍යුත් බවට පත් කිරීමට බලාපොරොත්තුවෙන් පසු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

හඳුන්වා දුන් Ultra-Luxury Electric Super Coupé පන්තියේ මෝටර් රථය, විදුලි යුගයේ සමකාලීන ලක්ෂණවලට අමතරව Rolls-Royce හි සම්භාව්‍ය මෝස්තර අංගවලින් සමන්විතයි.

ආසන හතරක් සහ දොරවල් දෙකකින් සමන්විත නව මෝටර් රථය සැතපුම් 320ක වේගයක් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම වර්ගයේ මෝටර් රථය 2023 අගභාගයේ දී පළමු පාරිභෝගිකයා වෙත ලබා දීමට Rolls-Royce අපේක්ෂා කරනවා.

https://on.ft.com/3T9xUSi