අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහතට

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

අද සිට මෙම මිල පහළ දැමීම ක්‍රියාත්මක වන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි එම ආයතනය නිවේදනය කළේ.

මේ අනුව සුදු ලූණු කිලෝවක් රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 490ක්.

මීට පෙර සුදු ලූණු කිලෝවක් පැවතියේ රුපියල් 550ක මිලකටයි.

පාන් පිටි කිලෝවක් රුපියල් 55කින් අඩුකර තිබෙනවා. ඒ අනුව රුපියල් 375ක්ව පැවති පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 320ක්.

රුපියල් 1500ක පැවති හාල්මැස්සෝ කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1450ක්.

කඩල පරිප්පු කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 285ක්. මීට පෙර කඩල පරිප්පු කිලෝවක මිල පැවතියේ රුපියල් 315ක් ලෙසටයි.

සුදු සීනි කිලෝවක් රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 260ක්. මීට පෙර සතොස මගින් සුදු සීනි අලෙවි කරනු ලැබුවේ කිලෝවක් රුපියල් 275ක මිලකටයි.

ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් 5කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 169ක්. මීට පෙර ආනයනික සුදු කැකුළු කිලෝවක් සතොස මගින් අලෙවි කරනු ලැබුවේ රපියල් 174ක මිලකටයි.