කාන්තාවක් කිඹුලෙකුට බිලි වෙයි

කාන්තාවක් කිඹුලෙකුට බිලි වෙයි

කතරගම පොලිස් වසමේ දඹේ මාර්ගයේ පිහිටි මැණික් ගඟේ ඊයේ (19) සවස් කාලයේ දිය නාමින් සිටි කාන්තාවක කිඹුලෙක් ඩැහැගෙන ගොස් තිබේ.

පොලිසිය වන ජීවී නිලධාරීන් සහ යුද්ධ හමුදා නිලධාරීන් ද කැඳවා ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මැණික් ගඟේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

පොලිසිය සඳහන් කළේ, එහිදී අදාළ කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇති බව ය.

මරණකාරිය වයස අවුරුදු 75ක් වූ සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දෙබරවැව රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.