බ්‍රිතාන්‍ය නව අගමැතිනියට එරෙහිව විරෝධතා

බ්‍රිතාන්‍ය නව අගමැතිනි ලීස් ට්‍රස්ට්ගේ පාලනයට විරෝධය පළ කරමින් එරට ස්වදේශ කටයුතු ලේකම් සුඑලා බ්රාවමන් ඉල්ලා අස්වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය අගමැතිනිය සිය ධුරයේ කටයුතු ආරම්භ කර ගත වී ඇත්තේ දින 50කටත් අඩු කාලයක්වන අතර මේ වන විට ඇයගේ පාලනයට අභියෝගයක්.
බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ගැටලු හමුවේ නිසි විසඳුම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවටයි ඇයට චෝදනා එල්ලවන්නේ.
සුඑලා බ්රාවමන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ධුරයට එරට හිටපු ප්‍රවාහන ලේකම්වරයෙකුවන ග්‍රෑන්ට් ෂැප් පත්වීමට නියමිතව තිබෙනවා.

