මැතිවරණ කල් දැමීමේ රජයේ උත්සාහයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කෙරේ

මැතිවරණ කල් දැමීමේ රජයේ උත්සාහයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් කෙරේ

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමේ රජයේ උත්සාහයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබිම අද (20) සිදු කෙරුණා.

ඒ පාර්ලිමේන්තුවේ කමිටු අංක 7 දීයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව, පසුගිය 12 වෙනිදා නිදහස ජනතා සභාව විසින් විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් සංවිධානය කළ සමුළුවේ දී පක්ෂ නායකයින් විසින් ගත් ඒකමතික තීන්දුවකට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරුණු බවයි නිදහස මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විජයධරණී ජනතා සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන,උත්තර සභාව ඇතුලු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයින් සහ නියෝජිතයින් එක්ව තිබුණා.