ඩ්‍රෝන පුහුණුව ලබා දෙන්න ඉරාන හමුදාවේ විශේෂඥයින් පිරිසක් රුසියාවට ?

ඩ්‍රෝන පුහුණුව ලබා දෙන්න ඉරාන හමුදාවේ විශේෂඥයින් පිරිසක් රුසියාවට ?

ඩ්‍රෝන පුහුණුව ලබාදීම සඳහා ඉරාන හමුදාවේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් රුසියාවට ගොස් ඇති බව ඇමරිකාව පවසනවා.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමන්ට ලැබි ඇති බවයි ඇමරිකාව සඳහන් කළේ.

පසුගියදා ඉරානය විසින් නිෂ්පාදය කළ ඩ්‍රෝන යානා රුසියාවට ලබාදී තිබුණා.

ඒ අනුව එහි පුහුණුව සඳහායි ඉරානය, මෙම තාක්ෂණික කණ්ඩායම රුසියාවට යොමු කර ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය මත එංගලන්තය ද, ඉරානයේ ඩ්‍රෝන යානා නිෂ්පාදන ආයතනවල නිළධාරින්ට සිය රටට ඇතුළුවීමට නොහැකි වන ලෙස සම්බාධක පනවා තිබෙනවා.

https://reut.rs/3F49yoP