කොදෙව්වන් T20 ලෝක කුසලානය සොයා ගිය ගමන අයර්ලන්තය නතර කරයි

කොදෙව්වන් T20 ලෝක කුසලානය සොයා ගිය ගමන අයර්ලන්තය නතර කරයි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බලාපොරත්තු අද බිඳ වැටුණා.

ඒ අද(21) අයර්ලන්තය සමඟ පැවති තරගයේ දී අයර්ලන්ත කණ්ඩායම හමුවේ කඩුළු 9ක දැවැන්ත පරාජයකට මුහුණ දීමත් සමගයි.

2012 වසරේ දී සහ 2016 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිවල ශූරයන් වූ බටහිර ඉන්දියන් කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ පළමු වටයේ ක්‍රීඩා කළ තරඟ තුනෙන් දෙකක් ම පරාජයට පත් වුණා.

ස්කෝට්ලන්තය සහ අයර්ලන්තය හමුවේ ලද එම පරාජයන් දෙකෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙවර ලෝක කුසලාන සිහිනය බොඳ වුණා අනපේක්ෂිත පරාජයන් හමුවේ.