සුළි කුණාටු තත්ත්වයක් ගැන දැනුම් දීමක්

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණවී ඇති අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් පවතින වැසි තත්ත්වය එළඹෙන 25 වනදා දක්වා අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණ වී ඇති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇදහැලෙමින් පවතී.
අද (22) උදෑසන 8 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ කුරුණෑගල තම්පන ප්‍රදේශයෙනි.
එය මිලිමීටර් 138.5 කි.
මේ අතර, පවතින වැසි තත්ත්වයත් සමග කළුතර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.

