ජොන්සන් යළි අගමැති සටනට

ජොන්සන් යළි අගමැති සටනට

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් අනතුරුව නැවත වතාවක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරග වැදීමට නාම යෝජනා බාර දීමට හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නැවත බ්‍රිතාන්‍ය වෙත අද (22) පැමිණ තිබෙනවා.

ඩොමිනිකන් ජනරජයේ නිවාඩුවක් ගත කරමින් සිටි ජොන්සන් වහා නැවත බ්‍රිතාන්‍යයට පැමිණියේ කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය යළි ලබා ගැනීම සඳහා නාම යෝජනා බාර දීමටයි.

ජොන්සන්ගේ ඉවත් වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට ලිස් ට්‍රස් පත් වුවත්, ඇය විසින් තමා ධුරය දැරූ කෙටි කාලය තුළ හඳුන්වා දුන් නව ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි දැඩි විරෝධය මතු වීම හේතු කොට ගෙන දින 44ක් පමණක් බ්‍රිතාන්‍යට නායකත්වය ලබා දී එම තනතුරින් ඉල්ලා අස් වුණා.

මේ අතර පුරප්පාඩු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය කෙරෙහි කොන්සර්වේටිව් පක්ෂය තුළ ජොන්සන් සහ රිෂී සුනක් අතර දැඩි තරගයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර YouGov සමීක්ෂණ දත්ත අනාවරණය කරන්නේ බොරිස් ජොන්සන් නැවත බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම සම්බන්ධයෙන් එරට ජනතාවගෙන් 52%ක් අකමැත්ත පළ කරන අතර 27% පමණක් ජොන්සන්ට කැමැත්ත පළ කරන බවයි.

https://bit.ly/3Sl00st