සිංහයන් අද සුපිරි 12 සටනට

සිංහයන් අද සුපිරි 12 සටනට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12(Super 12) දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව අද (23) පැවැත්වේ.

ඔස්ට්‍රේලියාවේ හෝබාට්හිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර, පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුෂාන්ගේ තත්වය ඇගයීමෙන් පසු අද දිනයේ අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරඟයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ඔවුන් දෙදෙනාගේ ආබාධ තත්ත්වයන් යහපත් අතට හැරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.