ශ්‍රී ලංකාවේ අච්චාරු ආසියාවේ මුල් තැනට – ආප්ප වලටත් ඉහළ තැනක්

ශ්‍රී ලංකාවේ අච්චාරු ආසියාවේ මුල් තැනට – ආප්ප වලටත් ඉහළ තැනක්

ආසියාවේ වීථි ආහාර හෙවත් ස්ටී්‍රට් ෆුඩ් සම්බන්ධයෙන් සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව සිදුකළ සමීක්ෂණයකින් මෙරට අච්චාරුවලට ප්‍රමුඛ ස්ථානය හිමිව තිබෙනවා.

මෙම සමීක්ෂණය සඳහා ආසියාවේ වීථි ආහාර ලෙස බහුලව භාවිත කෙරෙන ආහාර වර්ග 50 ක් පමණ යොදාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ පැණිරස, ඇඹුල් සහ මිරිස් සැර යෙදූ එළවළු සහ පළතුරු අච්චාරුවලට මුල්තැන හිමිවී ඇති බවයි සී.එන්. එන්. ප්‍රවෘත්ති සේවාව වාර්තා කළේ.

දේශීය කුළුබඩු, මිරිස්, කහ, සීනි සහ ලුණු සමඟ පදම් කරගත් වෙරළු, අන්නාසි, දිවුල්, අඹරැල්ලා, අඹ සහ වම්බටු යොදාගත් අච්චාරු මෙහිදී විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තවත් විශේෂත්වයක් වන්නේ මෙම සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ආප්ප සඳහාද ඉහළ තැනක් හිමිවීමයි.

මීට අමතරව සමීක්ෂණයේ දෙවන ස්ථානය මැලේසියාවේ මාළු සහ සියඹලා අඩංගු සුප් වර්ගයක් වන අසාම් ලක්සා වෙත හිමිව තිබෙනවා.

වියට්නාමයේ බාන්මි, තායිවානයේ තේ වර්ගයක්, පාකිස්ථානයේ කෙබාබ් බනිස් සහ සිංගප්පූරුවේ මිරිස් අඩංගු කකුළුවන් මෙහිදී ආසියාවේ සෙසු රසවත් වීථි ආහාර ලෙස සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව වාර්තා කර තිබෙනවා.

https://bit.ly/3D2gY9H