කොල්ලකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

කොල්ලකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් කොල්ලකරුවෙකු මියගොස් තිබෙනවා.

රන් මාලයක් කොල්ලකා පළාගිය සැකකරුවෙකුට පොලිසිය මෙලෙස වෙඩි තබා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙක්.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලකෑම සිදුකර පළායන අතර පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් තිබෙනවා.

එහිදී සැකකරුවන් පොලිසියට වෙඩි තබා ඇති අතර අනතුරුව පොලිසිය කළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනෙක් සැකකරු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

COMMENTS