හෝබාට්හිදී චාමිකට ප්‍රේක්ෂිකාවකගෙන් මංගල යෝජනාවක් (Video)

හෝබාට්හිදී චාමිකට ප්‍රේක්ෂිකාවකගෙන් මංගල යෝජනාවක් (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය ආරම්භ කරමින් ඊයේ හෝබාර්ට්හිදී පැවති තරඟයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් අත්කර ගැනීමට සමත් විය.

මේ තරඟය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උණුසුම් ප්‍රතිචාර හිමි වූ අතර, එහිදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට ප්‍රේක්ෂිකාවක විසින් විවාහ යෝජනාවක් ඉදිරිත් කරන අයුරු කාගේත් අවධානයට ලක් විය. තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව පැමිණ සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට සිය ස්තුතිය පිරිනැමීමට ක්‍රීඩකයන් කටයුතු කළ අතර, එහිදී චාමික විවාහ යෝජනාව ඉදිරිපත් කළ ප්‍රේක්ෂිකාව සමඟින් ද කතා බහ කිරීමට කටයුතු කර තිබිණි.