මගේ කාලයේ තිබුණු මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තිය දැන් නැහැ – මෛත්‍රී

මගේ කාලයේ තිබුණු මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තිය දැන් නැහැ – මෛත්‍රී

තමා ජනාධිපති ධුරය දරන සමයේ දී පැවති ආකාරයේ මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්‍රවීමට හේතු වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) පොළොන්නරුවේ දී පැවති උත්සවයක් අතරතුර දී යි.

එහි දී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ,

“අපි හැමවේලේම ආණ්ඩුවට මේ ප්‍රශ්න කථාකරනවා ජීවන වියදම, බඩු මිල,‌ බෙහෙත් හිඟය. මේ කරණු හැමවේලේම කියනවා. නමුත් ආණ්ඩුවත් බරපතළ ආර්ථික අමාරුකමක ඉන්නේ, නමුත් අන්තර්ජාතික වශයෙන් මම ජනාධිපති ධුරය දරන කාලයේ කිසිම බේදයක් නැතුව ලෝකයේ සියලුම රටවල් අපිට උදව් කළා. යුරෝපයේ ද, අමෙරිකාවද, චීනයද, ඉන්දියාවද, රුසියාවද, ලෝකයේ අනෙක් රටවල් හැම එකක්ම අපිට උදව් කළා. ඒ මගේ විදේශ ප්‍රතිපත්තිය නිසා. මම සෑමකෙනෙක් එක්කම හොඳ යහපත් තත්ත්වයෙන් සම්බන්ධතා පවත්වාගෙන ගිය නිසා. ඉතින් පසුකාලිනව විශේෂයෙන් පසුගිය අවුරුදු 3 ඔබ තමුන්නාසේලා දන්නවා සිදුවුණ සිදුවීම් තුළ මේ රට අමාරුකම්වලට පත්වෙලා තියෙනවා.”යනුවෙන්

මේ අතර, පසුගිය වසර තුනක කාලය තුළ ගනු ලැබු තීන්දු තීරණ ජනතාව අතර මෙන්ම රජය තුළ ද දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් ඔහු එහි දී ප්‍රකාශ කළා.