කැසිනෝ බද්ද 150%කින් ඉහළට

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150කින් වැඩි කර තිබෙන බව නිවේදනය්ක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.
ඒ අනුව පසුගිය අගෝස්තු 1 වනදා සිට එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්දයි ඒ අයුරින් ඉහළ දමා ඇත්තේ.
ඊට අමතරව ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණින්, ඔට්ටු සහ සූදු පනත ද සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, කැසිනෝ සඳහා මෙතෙක් නොතිබු ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයෙකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 20ක ගාස්තුවක් අය කිරීම.
වෙනත් ඔට්ටු සහ සූදු සඳහා අවම වශයෙන් බදු වැඩි කර ඇත්තේ.
සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා,
1.රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීම.
- පිරිවැටුම මත අය කෙරෙන 10% ක බද්ද අවම වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීම.
- ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම.
*සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000ක සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීම.
මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.
මීට අමතරව සුරා සහ දුම්කොළ බදු පහත පරිදි වේ.
- මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අයවේ.
*දුම්වැටියකින් 85%කට ආසන්න බද්දයක් අය වේ.
*අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.
ආදී වශයෙන් අදාල බදු ඉහළ නැංවීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.


