සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමිවෙයි

සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමිවෙයි

පසුගිය අගෝස්තු මාසයේදී නිව්යෝර්ක්හිදී ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක් එල්ල වීමෙන් පසු ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහුගේ පපුවේ තවත් තුවාල 15 ක් පමණ ඇති බව සල්මන් රුෂ්ඩිගේ නියෝජිතයෙකු වන ඇන්ඩෲ වයිලි
විදෙස් මාධ්‍යට සඳහන් කර තිබේ.

1988 වසරේ සල්මන් රුෂ්ඩිගේ ‘The Satanic Verses’ නවකතාව වෙනුවෙන් දිගු කලක් මරණ තර්ජනවලට මුහුණ දී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අමෙරිකාවේ උපන් 24 හැවිරිදි Hadi Matar නමැති පුද්ගලයා මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා

නියෝජිත ඇන්ඩෲ වයිලි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ කතුවරයා සිටින ස්ථානය ගැන කිසිම තොරතුරක් ලබා දිය නොහැකි බවයි.

https://bit.ly/3TMhjE7