බ්‍රිතාන්‍ය අගමැති පුටුව ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක්ට

බ්‍රිතාන්‍ය අගමැති පුටුව ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක්ට

බ්‍රිතාන්‍ය පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට රිෂී සුනක් පත්ව තිබෙනවා.

ඒ අනුව පාලක පක්ෂයේ නායකයා, බ්‍රිතාන්‍යයේ අගමැති බවට පත් වීමේ ප්‍රතිපත්තිය මත ඔහු එරට නව අගමැතිවරයා ලෙස ද පත් වීමට නියමිතයි.

ඒ අනුව තවත් සති හතකට පසුව ඔහු බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රිෂී සුනාක් 1980 මැයි 12 වැනි දා එංගලන්තයේ දකුණු හැම්ටන් නගරයේ උපත ලැබූ අයෙක්.

ඔහු සිය ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගෙන ඇත්තේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් වන අතර, පශ්චාත් උපාධිය ලබාගෙන ඇත්තේ, ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන්.

රිෂී සුනාක් අක්ශාතා මූර්ති සමඟ යි.

ඔහු පළමු ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරය වන අතර, මෙවැනි තනතුරක් හොබවන පළමු හින්දු ආගමිකයා ද වනවා.

එසේ ම රිෂී සුනාක් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු ආසියානු ජාතිකයා ද වනවා.

https://bit.ly/3Dsotb6