යාලේ සෙල්ලම් දැමු අයට වැඩ වරදී – නිලධාරින්ගෙත් වැඩ තහනම් (Video)

යාලේ සෙල්ලම් දැමු අයට වැඩ වරදී – නිලධාරින්ගෙත් වැඩ තහනම් (Video)

යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ පුද්ගලයන්ට එරෙහි ව නීතිමය පියවර ගන්නා ලෙසට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

මොවුන් පිළිබඳ සියලු තොරතුරු සහ සනාථ කළ හැකි සාක්ෂි වන ජීවි දෙපාර්තමේන්තුව සතු ව පවතින බව යි වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ප්‍රකාශ කළේ.

මෙම පිරිස විශේෂ අනුග්‍රහයක් යටතේ යාල වනෝද්‍යානය තුළට පැමිණි අය නො වන බවත් ඔවුන් සාමාන්‍ය සංචාරකයන් බවත් වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

ඩිෆෙන්ඩර් සහ කැබ්රථවලින් යාල වනෝද්‍යානයට ඇතුළු වූ පිරිසක් සතුන්ට හිංසා වන අයුරින් රේස් පදිමින් රිසි සේ හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

මේ අතර යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හානි කළ පුද්ගලයින් සමඟ ගිය ට්‍රැකර්වරුන් සහ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ නිලධාරීන්ගේ වැඩ වහා ම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර තිබෙනවා.

ඒ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ගත් තීරණයක් මත යි.

කෙසේ වෙතත් වනජීවී හා වනසංරක්ෂණ පිළිබඳ විෂය භාර අමාත්‍ය, මහින්ද අමරවීර ඊයේ දිනයේ දී ම පැවසුවේ, වැරැදිකරුවන්ට එරෙහි ව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බව යි.