හිමින් පන්දුව යැව්වොත් පර්ත් පිටියේ වැඩේ කර ගන්න පුළුවන් – ලසිත් මාලිංග (video)

පර්ත් පිටියේ පන්දුව ඉපිලීමට හා වේගය වැඩි වීමට ඉඩ ඇතත් එය මඟ හරවා ගැනීමට ක්‍රම ඇති බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
මේ අතර ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවති සුපිරි දොළහා වටයේ පළමු තරගයේ දී චරිත් අසලංක ලකුණු අතරට පැමිණීම ඉතා හොඳ ලකුණක් බව ලසිත් මාලිංග සඳහන් කළා
ඔහු මේ බව පැවසුවේ සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වමින්.
මේ අතර, අද (25) පැවැත්වෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරඟය පිළිබව ලසිත් මාලිංග අදහස් දක්වනවා.
ඔහු සඳහන් කරන්නේ, පර්ත් පිටියේ පන්දුව ඉපිලීමට හා වේගය වැඩි වීමට ඉඩ ඇතත් එය මඟ හරවා ගැනීමට ක්‍රම ඇති බව යි.
ලීග් තරගයක දී තමා ලකුණු 7කට කඩුලු 6ක් දවා ගත්තේ, වේගය අඩාල කොට යැවූ පන්දු මඟින් බව යි ලසිත් මාලිංග සඳහන් කරන්නේ.
පන්දුවේ ස්වභාවය කුමක් වුවත් පන්දු යවන්නාගේ හැකියාව මත සියල්ල වෙනස් කළ හැකි බවත් ලසිත් මාලිංග පවසනවා.
මේ නිසා, ශ්‍රී ලංකා පන්දු යවන්නන් තම හැකියාවට සාපේක්ෂ ව සිය පන්දු තෝරා ගෙන නිවැරැදි ම දේ කළ හොත් ජයග්‍රහණය කිරීම පහසු වනු ඇති බව ද ලසිත් මාලිංග අවසාන වශයෙන් සඳහන් කරනවා.

