ඊයේ මැච් එකෙන් පස්සේ වනිඳු පස්සට යයි මහීෂ් ඉදිරියට එයි

ඊයේ මැච් එකෙන් පස්සේ වනිඳු පස්සට යයි මහීෂ් ඉදිරියට එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග, විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉහළ ට පැමිණ තිබෙන අතර, මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඔහු වනිඳු හසරංගව පසුකරගෙන ඉදිරියට ආ පළමු අවස්ථාව ද වෙනවා.

එපමණක් නොව, මින් පෙර විස්සයි විස්ස ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් ක්‍රියාවලියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත ලැයිස්තුවේ හත්වැනි ස්ථානයේ සිටි වනිඳු හසරංග එම ලැයිස්තුවේ ද එක් ස්ථානයක් පහත බැස අටවැනි ස්ථානය දක්වා පසු බැස තිබීම ද විශේෂත්වයක්.

නමුත් විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසු වූ පැතුම් නිස්සංක සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැතිව අටවැනි ස්ථානයේ ම රැඳී සිටිනවා.

නවතම විස්සයි විස්ස පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීමේ සටහන පහතින්,