නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව ගුවන් ගමනකට සැරසෙයි

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව ගුවන් ගමනකට සැරසෙයි

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මේ හරහා දෙරට අතර සංචාරක, අපනයන, ආයෝජන, සංස්කෘතික කටයුතු ශක්තිමත් කර ගැනිමට අවස්තාව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට පාර්ලිමේන්තුව තුළ සිටිය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.