අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට හැර යෑම නතර කළ යුතුයි

වයස අවුරුදු දෙකට වැඩි දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා රට හැර යාමට අවසර ලබා දීමට රජය ගෙන ඇති තීරණය උපරිම වසර පහකට සංශෝධනය කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා රට හැර යාමට ඉඩ නො දෙන අතර, ඒ සම්බන්ධයෙන් පනතක් ද පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව යි ගීතා කුමාරසිංහ සඳහන් කරන්නේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ගීතා කුමාරසිංහ
“මේක මේ ළමයින්ට කරන ලොකු අසාධාරණයක්. දරුවන්ට අවුරුදු දෙකයි කියන්නේ කතා කරන්නවත් බැහැ. ඒ නිසා අම්මලාට රට යන්න පුළුවන් විදියට දරුවන්ගේ වයස් සීමාව සංශෝධනය කරන්න මැදිහත් වෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිය යුතුයි. එම පවුල්වල බොහෝ දරුවන් අපයෝජනයට ලක්වූයේ ඔවුන්ගේම පවුලේ සාමාජිකයන් විසින්. ඔවුන්ගේම පියවරුන් විසින්. දරුවන් රට තුළ තනිකර දැමීමෙන් පසු මව්වරුන් ද ආතතියට පත්ව සිටිනවා. අපේ රටට විදේශ රැකියා හරහා ඩොලර් ලැබෙනවා. නමුත් විදේශ විනිමය ලබා ගැනීමට අපේම දරුවන් පාවා නොදිය යුතුයි. ඒ නිසා රජයක් ලෙස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත්ව යෑම නතර කළ යුතුයි.” යනුවෙන්

