භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් මම වග කියන් නෑ – මෛත්‍රීපාල සිරිසේන

භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් මම වග කියන් නෑ – මෛත්‍රීපාල සිරිසේන

තමා ධුරය දැරූ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ තමන් නොව අදාළ නිලධාරීන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ සිය ධුර කාලයෙන් අනතුරුව ආදළ භාණ්ඩ නිලධාරීන් විසින් නිසි පරිදි භාර දී ඇති බවයි.

මෙම ස්ථානයන්හි තිබූ භාණ්ඩ නොමැති නම් ඒ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් එම පරීක්‍ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.