සා/පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 පසු

මේ වසරේ පැවැත්වුණු 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන කියා සිටියේ මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදී පැවැත්වුණා.
ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 517,486 ක්.
ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් වන අතර, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 590 දෙනෙකු ද විභාගය සඳහා පෙනී සිටියා.

