දින දෙකක දී රුසියාවෙන් යුක්ක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 30ක්

දින දෙකක දී රුසියාවෙන් යුක්ක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 30ක්

දින දෙකක් තුළ රුසියාව තම රටට ඩ්‍රෝන ප්‍රහාර 30 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව යුක්ක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

එමෙන්ම රුසියාව මේ දක්වා මිසයිල ප්‍රහාර 4,500 ක්, ගුවන් ප්‍රහාර 8,000 ක් එල්ල කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි, කීව් අගනුවර දී බිම හෙළන ලද ඉරාන ෂාහෙඩ් ඩ්‍රෝන යානයක් අසළ සිට මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය නිකුත් කර තිබුණා.

ගතවූ සති කිහිපය තුළ රුසියාව දියත් කළ ප්‍රහාරවලින් යුක්රේනයේ විදුලි සහ ජල සැපයුමටද බාධා එල්ල වී තිබුණා.

https://bbc.in/3U2Z0un