පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන් නෑ – මහින්ද රාජපක්ෂ

ප්රශ්නවලට බය නොවී රටේ අභියෝග භාරගත හැකි පිරිස සිටින්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.
ඕනෑ ම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බව ද මහින්ද රාජපක්ෂ කීය.
විවිධ බොරු ප්රචාර යවා ජනතාව උසිගන්වන පිරිස් රට වෙනුවෙන් වගකීම් භාර ගැනීමට පෙරට නොඑන බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
එහි දී වැඩි දුරටත් කියා සිටියේ රට වෙනුවෙන් හිතාමතා වැරදි තීන්දුවක් අරගෙන නැහැ, සමහරු අපිට අපහාස කරන්නේ දිගක් පලලක් දන් නැතිව, සමහරු ජනතාව උසි ගන්වන්න හදනවා, හැබැයි රට වෙනුවෙන් වගකීම් ගන්න කිව්වම ඒ කට්ටිය බෑ කියනවා, අර කතාවක් තියෙනවා, පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන් නෑ” යනුවෙන්
පුත්තලම ආරච්චිකට්ටුවේ පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඊයේ (ඔක්. 27) මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.

