මැතිව් වේඩ්ටත් කොවිඩ්

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඔහු අද (28) එංගලන්තයට එරෙහි ව පැවත්වෙන තරඟය සඳහා ක්‍රීඩා කරනු ඇති බව යි වාර්තා වන්නේ.
නමුත් ක්‍රීඩාංගණයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පස්වරු 1.30 පමණ වන තුරුත් තරගය ආරම්භ වුණේ නෑ.
මීට පෙර ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට ද කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වුණා.
මේ අතර, හෙට ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟය පැවැත්වීමට නියමිත යි.
ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු අවසන් තරඟයේ දී ආබාධයකට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට කසුන් රාජිත හෝ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති බව යි ආරංචි වන්නේ.
මේ අතර ආබාධයකට ලක් වූ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
අයර්ලන්තය සමග පැවැත්වූ තරගයේ දී පන්දුව යැවීමට සූදානම් වෙද්දී දුෂ්මන්තගේ පාදයේ ආබාධයක් හටගත්තා.
ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත් කෙරුණු අතර, ඉදිරි තරග සඳහා ඔහුව කැඳවූයේ නැහැ.
ඒ අනුව ඔහුට හෙට (29) දිනයේ දී මෙල්බර්න් නුවර දී මෙම ශල්‍යකර්මය සිදු කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

