දෙකෙන් එකක් විසඳගන්න සිංහයන් අද තීරණාත්මක සටනක

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරඟය අද (29) සිඩ්නිහිදී පැවැත්වේ.
එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට අරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වනවිට පන්දුවාර 20යි 20 තරග 19ක් පවත්වා ඇත.
ඉන් තරඟ 10ක් නවසීලන්තය ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරඟ 7ක් ජයගෙන තිබේ.
එක් තරඟයක ලකුණු සම වී ඇති අතර තවත් තරඟයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.
මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (29) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ දී වෙනස් ආකාරයේ සැලසුමක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව වාර්තා වෙනවා.
එම සැලැස්ම පිළිබඳ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කරන්නේ, “මේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී පිතිකරුවන්ට ඕන තරම් ලකුණු තියෙනවා. මේක එදා ඉඳලාම අපට ශ්‍රී ලංකාවට ටිකක් වාසිදායක ක්‍රීඩාංගණයක්. මෙතන දී පන්දුව හතරේ සීමාවට ගලායාමත් ඉතාමත් වේගවත්. ඒ නිසා අපට ටිකක් වෙනස් ආකාරයේ සැලසුමක් යොදාගෙන මේ තරගයට යන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නවා.
කණ්ඩායමේ හැම දෙනෙක් ම ලොකු හැඟීමකින් ඉන්නේ. හැම කෙනෙක් ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අවසන් පූර්ව තරඟයට එන්න. ඒක හින්දා මේක කාගේ හරි අලුතින් එන කෙනෙකුගේ අවස්ථාව වෙන්නත් පුළුවන්” යනුවෙන්.

