විනය විරෝධී වැඩ කරන භික්ෂූන්ට එරෙහිව කටයුතු කරන්න නව පනතක්

දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.
එවැනි ක්‍රියා නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒ අනුව ඒවා නැවැත්වීමට අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාවයත් කාරක සභාවේ දී වැඩිදුරටත් සාකච්ඡාවී තිබෙනවා.
ඒ අනුව, භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවල දී නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලීසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායකහිමිවරුන් දැනුවත් කිරීමටත් සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා වී තිබෙන්නේ.
ඉදිරියේ දී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායකහිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙන ම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වාදීමටත් අපේක්ෂා කරන බවයි බුද්ධශාසන අමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබදව ද දීර්ඝ වශයෙන් මෙහි දී සාකච්ඡා වී තිබුණා.
බුදු දහම රැක ගැනීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවින් මේ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට උපදේශන කාරක සභා අනුකමිටුවක් පත් කිරීමට ද මීළග රැස්වීමේදී පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

