අහස යළි කැළඹෙයි – වැස්ස වැඩි වෙයි

අහස යළි කැළඹෙයි – වැස්ස වැඩි වෙයි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එබැවින් අද (30) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

උතුරු, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.