ප්‍රබල පිපිරීමක් – 10ක් මරුට

ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩ්හි සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
පාපන්දු ක්‍රීඩාංගණයක් සහ ආපනශාලාවක් අසළ ගරාජයක මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෝටර් රථයක සිදුවූ පිපිරීමත් සමඟ අසළ තිබූ ගෑස් ටැංකියක් ද පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

