මිලර් සහ මැක්‍රම් දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

මිලර් සහ මැක්‍රම් දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

20/20 ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (30) පැවැති තරඟය ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

තරඟයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 9ක් දැවී ලකුණු 133ක් රැස්කළේය.

එහිදි ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් යාදව් ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Lungi Ngidi වෙනුවෙන් කඩුලු 4ක් දවාගත්තේය.

ඒ, අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 05ක දැවී ලකුණු 134ක් ලබා කඩුලු 05ක ජයක් ලැබීය. ඩේවිඩ් මිලර් නොදැවී 56ක් සහ ඒඩන් මැක්‍රම් 52යි.