පාන් මිල අඩු කරයිද ? තීරණය අද

පාන් මිල අඩු කරයිද ? තීරණය අද

පාන් ගෙඩියක මිල අද (31) දිනයේදී අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පැවතීම හේතුවෙන් විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

පසුගිය බදාදා වෙළඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී බේකරි හිමියන් ප්‍රකාශ කළේ ප්‍රමාණවත් පරිදි ආනයනික තිරිඟු පිටි වෙළදපොලේ පවතින්නේ නම් පාන් ගෙඩියක මිල අඩු කිරීමට හැකියාවක් පවතින බවයි.

ඒ අනුව අද සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 ත් 20ත් අතර මිලකින් අඩුවනු ඇති.